Sunday, August 6, 2023

 අසහනය; වේදනාව සහ ද‍ොම්නස  සෙවනැල්ලක්  මෙන් අප ජිිව්තය සමගම පවතින්නේ ය.

වේදනාවෙන් පහර  නොලත් හදවතක්  මෙලොව  උපන් කිසිවෙකුට නැත්තේය.
කරදර නමැති අදුරැ ජලාශයේ  නො කිමිදුණු එකද සිතක්  ලොව නැත්තේ ය.
වචනයෙන් විස්තර  කළ  නොහැකි දැඩි කායික මානසික වේදනාවෙන් තෙත් නොවුු ඇසක් ලොවෙහි කිසිවෙකුට නැත්තේ ය.

2023.08.08

වචනයෙන් විස්තර කර නොහැකි දැඩි කායික මානසික  තෙත් නොවුු ඇසක් ලොවෙහි කිසිවෙකුට නැත්තේ ය.හදවතින් හදවතට පහර දෙමින් ,ශෝකාන්ධකාරයෙහි ගිල්වාලන ලෙඩ රෝග සහ මරණය නැමැති මහා විනාශකාරීන් ඇතුළු නොවූ ගෘහයක් මේ මිහිපිට නැත්තේය

2023.08.09

කිසිවෙකුට විනාශකළ නොහැකි විනාශය,නැමැති ශක්තිමත් දැලෙහි සියල්ලෝ හසුවිිි වේදනා විදිති.වේදනාව නොසතුට සහ අවාසනාව මිනිස් වර්ගයා අත්‍යන්තයෙන් වෙලාගෙන ඇත්තේය.
මේ අභාග්‍ය සම්පන්න තත්වයෙන් බේරිිම සදහා නැතහොත් එහි අන්තර්ගර්ත අතිශය ඛේදජනක වුු තත්වයෙ බරපතලකම සැහැල්ලු කර ගැනිිම සදහා ස්ත්‍රී පුරැෂ දෙපක්ෂය ම ගිණිය නොහැකි  තරම් වුු උපක්‍රම අන්ධ ලෙස අනුගමනය කරති.

2023.08.10

ඊනියා කෙටි මාර්ග හඹා යති.එමගින් අභාවයට නොයන සන්තුෂ්ටියක් කරා එළැබෙන්නට ඉත සිතින් අපේක්ෂා කරති.ඒ අතර අධික ලෙස ඉන්ද්‍රිය සන්තර්පණය තුළ සතුට සොයන සමහරැ සුරාවට හෝ ගණිකා සේවනයට යොමු වෙති.හුදෙක් සෞන්දර්යවාදිි වන තවත් සමහරැ ඊනියා සුඛෝපබෝගිි වස්තු එක්රැස් කර ගනිමින් ඒවා මගින් ලෝකයේ පවත්නා සංවේග දායක තත්වයන් ගෙන් අත්මිදිය හැකි යැයි අපේක්ෂා කරති.තවත් සමහරැ ධනය සහ කිිර්තිය පසුපස හඹා යමින් ඒවා අත්කර ගැනිිිම සදහා තමා සතු සියල්ල කැප කරති.තවත් සමහරැ ආගමික වත් පිළිවෙත්වලට නැඹුරැ විිම තුළින් කිසියම් සහනයක් ලබා ගැනිිමට සැරසෙයි.

2023.08.11

මේ සියලු අය අපේක්ෂා කරන සතුට තමන් වෙත ළගා වන බව මොහොතකට අත්දකිති.ආත්මය ස්වල්ප වේලාවක් මිහිරි වු ආරක්ෂිත හැගිිමෙන් පිනා යන්නේ ය.විනාශයක් ඇති බව පවා ඒ මොහොතේ අමතක වන්නේය.එහෙත් අන්තිමට බරපතල රෝගයක්,විශාල ඛේදයක් ,නොනිසි ආශාවක් හෝ අනපේක්ශිත අවාසනාවක් ඒ තෘප්තිමත් ආත්මය මත හදිසියේ ම කඩා වැටෙන්නේ ය.ඒ හේතුකොටගෙන සන්තුෂ්ටිය නමැති මනරම් සෙදුරැ වියමන කිිිතු කිිිිතු විිි ඉරිිි යන්නේය.
මෙි ආකාරයට හැම පුද්ගල සතුටකට ඉහලින්ම වෙිිදනාව නැමැති තියුණු වු මාරක කඩුපත එල්ලෙන්නේ ය.


2023.08.14
දැනුවත් කමින් ආරක්ෂා නොකරන ලද ආත්මය මත පතිත ව ඹ්නෑම මොහොතක එය මුළුමනින් ඔබ විනාෂකිරිිමට සැදිි පැහැදිි සිටින්නේ ය.
බිලිදා මිනිසෙකු හෝ ගැහැනියක විිමට හඩයි.මිනිසා සහ ගැහැනිය තමන්ට නැතිවුු ළමා භාවය ගැන සුසුමි හෙලති.දුගිි භාවය නමැති යදමින් බැදිි සිටින දුප්පතා එයින් නිදහස් විිමට තතනන අතර,පොහොසතා තමා දුප්පත් වේයැයි බියෙන් සසල වෙයි.
නැතහොත් සතුට යැයි පැවසෙන මිරිගුව පස්සේ ඉබාගාතේ දුවයි.
කිසියම් ආගමක් ඇදහිිමෙන් හෝ පිළිගත් දර්ශනයක් වැළද ගැනිිමෙන් ආත්මයට සතුට සහ සාමය ළගා වෙතැයි ඇතැම් කෙනෙකුට සිතෙනු විය හැකිය.


















0 comments:

Post a Comment